මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
මෙහිදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුන සමඟ ඉන්දීය ධීවරයින් දහ තුන් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.