Tuesday, March 4, 2025

General line - 0115112241

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ජනාධිපති  ශිෂ්‍යත්ව



අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති  ශිෂ්‍යත්ව ප්‍රදානය අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වනවා.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙලෙස දීප ව්‍යාප්තව සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද සහ එළඹෙන 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව ප්‍රදානය ජුලි 13 වනදා සිදු කිරීමට නියමිතයි. 

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු  කලාප අධ්‍යාපන  කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල ත්‍්ජැඉදදන පිටුවේ පළ කර තිබෙනවා.