Tuesday, March 4, 2025

General line - 0115112241

නීති විරෝධී ගිනි අවි 05ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදින ගිනි අවි 04ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උඩවලව පොලීස් ස්ථාන නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව උඩවලව, කැකුණවත්ත කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන උඩවලව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

මේ අතර බුත්තල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු සම්බන්ධ විමර්ශන බුත්තල පොලීසිය මගින් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.