මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම දූපතේ සඟවා තිබූ, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477ක පමණ තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.