Wednesday, March 5, 2025

General line - 0115112241

අතුරුගිරියේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් ටැටූ හිමිකරු බන්ධනාගාරයේ වෙනම රඳවයි



අතුරුගිරියේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා වාට්ටු දෙකක රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ටැටු ව්‍යාපාරයේ හිමිකරු එම් වාට්ටුවේ රදවා සිටිනවා.

සෙසු සැකකරුවන් හයදෙනා රදවා ඇත්තේ ඊ වාට්ටුවේයි.

සැකකරුවන් බන්ධනාගාර ගත කළ විට ඔවුන් බැලීමට ඉරිදා හැර සෙසු දිනවල ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව පවතිනවා.

එහෙත් මෙම සැකකරුවන් බැලීම සදහා පවුලේ ඥාතීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට දෛනිකව පැමිණ නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මදූෂ්ගේ දේහය භූමිදානය කර තිබූ ගොඩිගමුව සුසාන භූමියේ ඉදිරිපස ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කර ඇති බවට වූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

ඒ, ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේ බොරැල්ල කනත්තේ සිදුවන අවස්ථාවේදී බවයි වාර්තා වුණේ.

“අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන් එම බැනරයේ සදහන්ව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.