ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුට මිසයිලයක යකඩ කැබැල්ලක් වැදී තුවාල සිදුව ඇති බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබන් දේශ සීමාවේ ගොවිපොළක සේවය කළ ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් සිදුකල විමසීමකදී ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.
ඊශ්‍රායලය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක් උඩු ගුවනේ සිට විනාශ කර දැමීමේදී එහි කැබැල්ලක් හිසට වැදී අදාළ පුද්ගලයා සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස, හල්හේන ප්‍රදේශයේ පදිංචිව සිට රැකියාව සඳහා ඊශ්‍රාලයට පැමිණ සිටින පුද්ගලයෙකු බවයි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.