ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 108ක නියෝජිතයන් 220කගේ සහභාගීත්වයෙන්.
ඒ අනුව එළඹෙන ජූලි 19 වන දින සිට ජූලි 22 වනදා දක්වා එම සමුළුව පැවැත්වීමට නියමිතයි.
පළමුවරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන එම සමුළුවට සහභාගී වීම සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන අප්‍රිකානු, ඇමෙරිකානු, ආසියානු, නැගෙනහිර ආසියානු, ෆැසිපික් කලාපීය සහ යුරෝපා රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.