Thursday, March 6, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට ඡන්දය දෙන්න සුදුසුකම් ලැබූ පිරිස   එක් කෝටි හැත්තෑ එක් ලක්ෂය ඉක්මවයි

එන් ඒ ඩබ් නිරෝෂන්



මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහසක් පමණ සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂම පවසනවා.

රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මේ බව කියා සිටියා.


ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිය කොමිසම වෙත දැනුම් දී ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා. 


මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කිරීමේ දිනය දැනුම්දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම මධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

හෙට දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබුණ ද එය ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කිරීමට හැකිවන්නේ මෙම මස අවසන් වීමට පෙර බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


2019 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් ගණන එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. 


ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්ද දායකයින් එකොලොස් ලක්ෂ 47,000කට වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.