Thursday, March 6, 2025

General line - 0115112241

ජල ගාස්තු සංශෝධනය ලබන වසරට කල් යයි



මෙම වසර තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


මේ අතර ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව පාරිභෝගික ජනතාව සඳහා එම ප්‍රතිලාභය ලබාදීමට ඇති හැකියාව පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවයි.

පානීය ජල ඒකකයක් නිෂ්පාදනය සඳහා වන මුලු පිරිවැය ආවරණ වන ලෙස ජල ගාස්තු සංශෝධනය සඳහා සැලසුම් කර ඇති බව ද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සනින් නිකුත් කෙරුණු එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

දැනට සිදු කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයෙන් පසු එම තොරතුරුවලට අනුව අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු නව ජල ගාස්තු සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.