Thursday, March 6, 2025

General line - 0115112241

ලක්ෂ 20ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට



තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි 20,000ක් හා විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 175ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන් පිරිසක්

විසින් කටාන, කළුවාරිප්පුව බටහිර, ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටාන පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.