Thursday, March 6, 2025

General line - 0115112241

ලංගම බස් රථවලට GPS උපකරණ සවි කිරීමට පියවර



GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලංගම බස් රථවලට GPS උපකරණ සවි කිරීම කඩිනම් කර එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135ක් යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසුවයි.