Thursday, March 6, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක් වෙයි



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, කොළඹ, ජාවත්ත ප්‍රදේශයේදීයි.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මන්ත්‍රීවරයා ගමන් ගත් රථයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

මන්ත්‍රීවරයාගේ රථයේ ගැටුණු මෝටර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මන්ත්‍රීවරයාගේ මොටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.