Thursday, March 6, 2025

General line - 0115112241

ජනතාවට බදු සහන දෙන්න පුළුවන් විදිහ මුදල් රාජ්‍ය ඇමති පහදයි



රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමකට ළඟා කර ගැනීමෙන් පසු ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  

බදු සහන ලබා දිය හැකි කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත් රජයේ වත්මන් වැඩපිළිවෙළ යටතේ කඩිනමින් එම ඉලක්කයට ළඟා විය හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.