Thursday, March 6, 2025

General line - 0115112241

බත්තරමුල්ල පාස්පොර්ට් කාර්යාලයේ නොසන්සුන්තාවක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද නොසන්සුන්තාවක් හට ගත්තා.

ඒ, කලින් වේලාවක් වෙන් කර නොගත් පිරිසක් එහි පැමිණීම හේතුවෙන්.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත්‍ර භාර ගනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත භාර ගැනීම සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත් පුද්ගලයින්ගෙන් පමණක් වනවා.

එසේ කලින් දිනයක් සහ වේලාවක් වෙන් නොකර පැමිණි පිරිසක් පැමිණීම හේතුවෙන් එලෙස නොසන්සුන්තාවක් හටගෙන ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ. 

ඉදිරියට කලින් දිනයක් හා වේලාවක් වෙන් නොකර පැමිනෙන පුද්ගලයින්ගේ අයදුම්පත් භාර නොගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.