Saturday, April 26, 2025

General line - 0115112241

බිත්තර ගැන තීරණයක් ගන්න වෙළඳ ඇමති සැරසෙයි



වෙළඳපොළේ පවතින බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබාදුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

එම වාර්තාවට අනුව වෙළඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් ඇත්නම් බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි වෙළඳ අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

කෙසේවෙතත් බිත්තරයක් අද සිට රුපියල් 42කට වෙළඳපොළට නිකුත් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ පාරිභෝගිකයන්ට බිත්තරයක් රුපියල් 45කට අඩු මුදලකට මිලදී ගැනීමට හැකි බවයි.


පවතින තත්ත්වය යටතේ පාරිභෝගිකයා සහ ගොවියා අතර වෛරයක් ඇති වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර රජය විසින් ගොවීන්ට සහන ලබාදෙන්නේ නම් දේශීය බිත්තර මිල තවදුරටත් පහළ දැමිය හැකි බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.