ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට ආසන්න පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ඒ, ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදීයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
එලෙස ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණයක් ගෙන තිබූ පසුබිමක් තුළයි. දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට සහය දිය යුතු බවට යෝජනා කළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එලෙස ජනාධිපතිවරයා හමු වී ඇති බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.