Saturday, April 12, 2025

General line - 0115112241

රනිල් ප්‍රවර්ධනය කරන සංවර්ධන වැඩසටහන් නැහැ - ආණ්ඩුව කියයි



සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් වෙන්කල මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ නීතියෙන් බාධාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් එවැනි වැඩසටහන්වලදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන.