Saturday, April 12, 2025

General line - 0115112241

ටී 56 ගිනි අවි 02ක් සමග මෞලවිවරයෙකු STF අත්අඩංගුවට



ටී 56 ගිනි අවි 02ක්, උණ්ඩ හා මැගසින් සමග වාලච්චේන ප්‍රදේශයේ මෞලවිවරයෙකු පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාලච්චේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී සොයාගත් ටී 56 ගිනි අවි 02ක්, මැගසින් 02ක්, උණ්ඩ 59ක්, ජංගම දුරකථනයක් හා යතුරු පැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෞලවිවරයා 43 හැවිරිදි වියේ පසුවන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දී ඇති බවයි පොලිස් විශෙෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.