Thursday, March 13, 2025

General line - 0115112241

ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිතායතන එක්ව සුවිශේෂී සංචාරක වැඩසටහනක්



 ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) Travel Portfolio සහ මෙරට Aitken Spence Travels සමඟ එක්ව, ඩුබායි හි ප්‍රධානම සංචාරක නියෝජිතායතන සඳහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංචාරක වැඩසටහනක් (FAM- familiarization tour) පැවැත්විය.

ඩුබායි සහ අබුඩාබි ඇතුළු මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 404 අංක දරන ගුවන් යානයෙන් කොළඹ හරහා බැංකොක් වෙත බාධාවකින් තොරව ගමන් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිත‍යෝ වෙත ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස හඳුන්වා දීම මෙහි අරමුණයි.