Thursday, April 10, 2025

General line - 0115112241

ඡන්ද පත්‍රිකාව අගල් 27 හමාරක් දිගු වෙයි - වැඩිවන අගල් භාගයකට රුපියල් මිලියන 200ක වියදමක්



මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 27යි දශම 5ක් වනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ගියවර ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 26යි දශම 5ක් ලෙස පැවතියා.

ඡන්ද පත්‍රිකාවේ අගල් භාගයක් වැඩි වන්නේනම් රුපියල් මිලියන 200ක ජනතා මුදලක් අමතරව වැය කිරීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

මෙරට දේශපාලන පක්ෂ 78ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබෙනවා. 

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අගෝස්තු 15 වනදා නාම යෝජනා භාර ගැනීම සිදු කිරීමට නියමිතයි.