Friday, May 2, 2025

General line - 0115112241

මින්නේරියේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - 30කට වැඩි පිරිසකට තුවාල



හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේදී අද පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එම බස් රථ දෙකේ ගමන්ගත් මගීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

තුවාලකරුවන් හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අනතුර සිදුව ඇත්තේ මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට මිනිහිරිගම ප්‍රදේශයේදීයි. 

අනතුරට ලක්ව ඇති බස් රථ දෙක එකම හිමිකරුවෙකුට අයත් බස්රථ දෙකක් වන බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.