Wednesday, March 12, 2025

General line - 0115112241

ජනපති අපේක්ෂකත්වය ධම්මික එපා කියයි - නාමල්ගේ හා රොෂාන් රණසිංහගේ නමත් එළියට.



පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්  දේශපාලන ලෝකයේ මේ වන විට විවිධ ආරංචි මාර්ග පැතිර යමින් තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය හිමිවීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය ඊට හේතුවී ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන්ද රාජපක්ෂ පවුලේ විරෝධයක් ඇති බවට වාර්තා පළ වනවා.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සුදුසුම වේලාව මෙය නොවන බවටයි රාජපක්ෂ පවුලේ මතය වී ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද කැමැත්ත පළ කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්