Wednesday, March 12, 2025

General line - 0115112241

එක රැයකදී ගම්පහ වෙඩි තැබීම් දෙකක්



වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් ඊයේ රාත්‍රියේ ස්ථාන දෙකකින් වාර්තා වනවා.

එක් වෙඩි තැබීමක් සිදුව ඇත්තේ ගම්පහ තම්මිට ප්‍රදේශයේයි.

ඊයේ රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 29ක පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ගම්පහ රෝහලටයි. 

අනෙක් වෙඩි තැබීම සිදුව තිබුණේ ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදීයි.

ඊයේ රාත්‍රී කාලයේම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩිතැබීමෙන් පසු වෙඩිකකරුවන් පළාගොස් ඇති බවටයි වාර්තා වනනේ.

තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ද ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.