Wednesday, March 12, 2025

General line - 0115112241

හදිසියේ ඉහල ගිය බිත්තරය 32කට බසී



ඉකුත් දිනවල රුපියල් 60ක මිලකට ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු වී ඇති බව වෙළඳ අමත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමේන්තුවේදී ඊයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ අද වන විට තවත් රුපියල් දෙකකින් බිත්තර මිල අඩු වනු ඇති බවයි. 


මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට දෛනික බිත්තර පරිභෝජනය මිලියන තුන ඉක්මවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට රැස් වන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.