Wednesday, March 12, 2025

General line - 0115112241

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියාට මෝදිගෙන් සුබපැතුම්



බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත්වූ නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් වෙත ලෝක නායකයින් රැසක් සුබපැතුම් එක් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය එක්ස් ගිණුම හරහා එලෙස සුබපැතුම් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

බංග්ලාදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටත් හින්දු සුළුතරයේ ආරක්ෂාව සහතික කිරීමටත් වැදගත් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා දෙපාර්ශවයේම පොදු අභිලාෂයන් ඉටු කිරීමට බංග්ලාදේශය සමග කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. 

ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත්වූ නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් වෙත සුබපැතුම් එක් කර තිබෙනවා. 

ෂීක් හසීනා බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු  නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් අන්තර්වාර ප්‍රධානියා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.