Wednesday, March 12, 2025

General line - 0115112241

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ



මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

ඒ අනුව ලබන 14 වනදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 15 වනදා වීදි සංචාරය කෙරෙනවා.

අගෝස්තු 18 වනදා දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කරන බවයි මහනුවර ශ්‍රී දළදා මාළිගාව පැවසුවේ.