Saturday, April 12, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයෙකු නෙළුක්කුලමේදී අත්අඩංගුවට



නෙළුක්කුලම, මනිපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නෙළුක්කුලම පොලිසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු විසින් කැණීම් සඳහා යොදාගත් උපකරණ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මනිපුරම් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.