Thursday, March 13, 2025

General line - 0115112241

විශ්‍රාමික රජයේ සේවකයන්ට ඔක්තෝම්බරයේ රුපියල් 6,000ක්

නිහාල්සිරි ගම්ලත්



රජයේ විශ්‍රාමිකයන්ට ගෙවීමට අනුමත වූ රුපියල් 3,000ක මාසික අමතර දීමනාව ඔක්තෝම්බර් මාසයේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම අමතර දීමනාව සැප්තැම්බර් මාසයේ සිට රජයේ විශ්‍රාමිකයන්ට ලබාදීමට පියවර ගෙන තිබුණා.

එහෙත් ජනාධිපතිවරණ සමයේ එය සිදු කිරීමට නොහැකි බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබුණා.

ඒ අනුව විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයට අදාළ එම දීමනාව ද ඔක්තෝම්බර් මාසයේදී ලබාදෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පල කළා.