Sunday, April 13, 2025

General line - 0115112241

රට ගොඩ නැගීමට පෙර පළමුව දේශපාලකයින්ගේ විනය හැදිය යුතු බව අනුර කියයි



ජාතික ජන බලවේගය බලය ඉල්ලා සිටින්නේ කඩා වැටුණු ආර්ථික සහ රජය ගොඩ නැගීමට බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

රට ගොඩ නැගීමට නම් පළමුව දේශපාලකයින්ගේ විනය ගොඩ නැගීම සඳහා නව නීති සකස් කළ යුතු බවයි මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුටත් සඳහන් කළේ.


ජාතික ජන බලවේගයේ එකම අරමුණ ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම බව මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා.