Tuesday, April 15, 2025

General line - 0115112241

මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලට සැප්තැම්බර් පළමු වනදා සිට හදිසි ප්‍රතිකාර ඒකකයක්



සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී තිබෙනවා 

සෞඛ්‍ය ලේකම්වරයා මෙසේ උපදෙස් ලබා දුන්නේ ඊයේ දින (18) මාතර, කඹුරුගමුව, ලැබීම ප්‍රදේශයේ ස්ථාපිත මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

තවද මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මාතර මහ රෝහලෙන් සේවයට යෙදවීමට පියවර ගන්නා මෙන්ද ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂ වෙත උපදෙස් දී තිබෙනවා.

මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති හෙයින් රෝගීන්හට සිදුවන අපහසුතවයන් මගහරවා ගුණාත්මක, කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ප්‍රදේශයේ  ජනතාවට ලබා දීම අරමුණ කර ගනිමින් මෙම නව හදිසි ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ 

කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල, මාතර මහ රෝහලට අනුබද්ධව ක්‍රියාත්ම වන අතර එය කොරියානු රජයේ ආධාර මත ඉදිකරන ලදී.

මෙම වර්ෂය අවසන් වීමට පෙර සියලුම අලුත්වැඩියාවන් කටයුතු සිදුකර නවීන අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණද ලබාගෙන මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක, විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබා දීමට කටයුතු කරන මෙන්ද උපදෙස් දුන්නේය.