Sunday, April 13, 2025

General line - 0115112241

වැඩ කළ හැකි නායකයෙකුට රට භාරදෙන්නැයි ඇමති කංචන කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



මීළඟ වසර 05 තුළ ද රට ඉදිරියට ගෙන යා හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.      

ඒ අනුව, වැඩ කළ හැකි නායකයෙකුට පමණක් රට භාරදෙන ලෙසයි වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ. 


මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ආසන මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක අද අදහස් පල කළා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයෙදී කලාප සංවිධායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.