ලෝක ආර්ථික, සමාජීය, දේශපාලන පරිසරය වෙනස්වීම් හමුවේ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
ඒ අනුව යුධ වාතාවරණයක් පවතින රටවල සිටින ව්‍යාපාරිකයින් මෙරට ව්‍යාපාර සිදු කිරීමට ගෙන්වා ගත යුතු බවයි පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දුන්නේ.
පසුගිය කාල සීමාවේ මෙරට පැවති ආර්ථික අර්බුදයත් සමඟ සැලකිය යුතු ව්‍යාපාරිකයින් පිරිසක් සිය ව්‍යාපාර මැදපෙරදිග රටවලට රැගෙන ගිය බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් කියා සිටියා.