Sunday, April 13, 2025

General line - 0115112241

ට්‍රම්ප් පිටුපස ඉරානය - අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කරයි



අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දත්ත ගබඩාවලට අනවසරයෙන් ඇතුළු වීම පිසුපස ඉරානය සිටි බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබෙනවා.

FBI සහ අනෙකුත් ෆෙඩරල් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇති කිරීමට සහ විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කර තිබෙනවා.

සිය අභ්‍යන්තර දත්ත පද්ධතියට ඇතුළු වීමට ඉරානය උත්සාහ දරණ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ මීට දින ගණනාවකට පෙරයි.

කෙසේවෙතත් එම චෝදනා ඉරාන බලධාරින් විසින් ප්‍රතික්ෂේප කළා.