Sunday, April 13, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 719 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ගේ ජාලය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ තවත් සැකකරුවන් 719 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.      

ඒ, ඊයේ දිනය තුළ සිදුකරන ලද වැටලීම් 720ක දීයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ සිදු කරන ලද මුළු වැටලීම් ගණන 456ක්.

එහිදී හෙරොයින් ග්‍රෑම් 97ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක් සහ ගංජා ග්‍රෑම් 451ක් සමඟ සැකකරුවන් 456 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.