Sunday, April 13, 2025

General line - 0115112241

නාමල් අනුරපුරෙන් අද මැතිවරණ සටන අරඹයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැලි මාලාවේ පළමු ජන රැලිය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, අනුරාධපුර කඩ පනහ භූමියේදීයි.    

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ සිය කඳවුරේ සම්ප්‍රදායට අනුව අභියෝග රාශියක් මධ්‍යයේ වුවද මෙම මංගල ජන රැලිය සඳහා අනුරාධපුරය තෝරාගත් බවයි.