Sunday, March 16, 2025

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සහ තවත් සැකකරුවන් 21 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලදීයි.

එම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

එම එක් සැකකරුවෙකු 51හැවිරිදි වියේ පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 33 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.