Sunday, March 16, 2025

General line - 0115112241

ජනපති අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි



මෙවර ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි අයි එම් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුවුණා.

යාපනය දිස්ත්‍රික්කයෙන් මීට පෙර අවස්ථාවක මහ මැතිවරණයට ඉදිරිපත් වූ අයි එම් ඉල්ලියාස් මහතා ඉන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

කෙසේවෙතත් ඉන් අනතුරුව ද මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා.

අනතුරුව ජනාධිපතිවරණ කිහිපයකටම ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

අයි එම් ඉල්ලියාස් මහතාගේ දේහය පිළිබද අවසන් පුත්තලමේදී අද සිදු කිරීමට නියමිතයි.