Saturday, March 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 23ක් ඉදිරියෙන්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවන දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 259ක් රැස් කරගෙන සිටියා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 236ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් පසුවනවා.

ජේමි ස්මිත් නොදැවී ලකුණු 72ක් රැස් කර ගෙන සිටියා.

අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන ඇන්ගස් අට්කින්සන් රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 04ක්.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 02 සහ  විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.