Sunday, April 13, 2025

General line - 0115112241

ගජමුතුවක් සන්තකව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට



බණ්ඩාරවෙල, උතුරු කැබැල්ලේවෙල ප්‍රදේශයේදී ගජමුතුවක් සන්තකව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නමුණුකුල මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.