Saturday, March 15, 2025

General line - 0115112241

රියදුරු බලපත්‍ර ගැන පළවන වාර්තා අසත්‍ය බවට ප්‍රකාශයක්



රියදුරු බලපත්‍ර තොගයක් අහෝසි වන බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ එලෙස රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවයි.

එහෙත් රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බව ඔහු කියා සිටියා. 

කෙසේවෙතත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදිය හැකි රියදුරු බලපත්‍ර සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් පැවසුවේ.