Saturday, March 15, 2025

General line - 0115112241

බෙන්තර ගගේ තව දුරටත් මෙහෙයුම්



බෙන්තර ගඟේ අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ, ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්වයි.

බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් කළුවාමෝදර සහ වැලිපැන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.