Saturday, March 15, 2025

General line - 0115112241

බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්සිවිලි පෙරහැර අද



බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්සිවිලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

ඒ අනුව බෙල්ලන්විල දෙහිවල මාර්ගය ඔස්සේ සෝමරත්න මාවතේ වීථි සංචාරය කරන පෙරෙහැර පැපිලියාන විහාර මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

පෙරහැර වීථි සංචාරය කරන රාත්‍රී අටේ සිට අලුයම එක දක්වා කාලය තුළ බොරලැස්ගමුව - බෙල්ලන්තfාට මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සියලුම බර වාහන පැපිළියාන දෙසට ගමන් කර අත්තිඩිය මාර්ගය හරහා බෙල්ලන්තොට හන්දියට පිවිස ගමන් කළ හැකියි.

එමෙන්ම පිළියන්දල හන්දියෙන් කටුබැද්ද හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැකි බවයි පොලීසිය පැවසුවේ.

මහරගම හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහන පැපිළියාන දෙසට ගමන් කර පැපිළියාන හන්දියෙන් වමට හැරිය යුතු වනවා.

ඒ අනුව අත්තිඩිය මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හන්දියට පැමිණ දෙහිවල දෙසට හෝ ගල්කිස්ස දෙසට ගමන් කිරීම හෝ අබේරත්න මාවත හරහා පිටවේල්ල මාර්ගයෙන් අත්තිඩිය මාර්ගයට පිවිසිය හැකි වනවා.  
මේ අතර, බෙල්ලන්වි ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර හෙට රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

ඒ අනුව හෙට රාත්‍රී 08 සිට පසුදා අලුයම 03 දක්වා පෙරහැර වීදි සංචාරය කරන මාර්ග ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.