Saturday, March 15, 2025

General line - 0115112241

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මිරිහානේදී අත්අඩංගුවට



මිරිහාන, වැලිපාක් උද්‍යානය ආසන්නයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 110ක්ද සොයා ගෙන තිබෙනවා.

ඔහු විසින් නිවසකින් සොරකම් කරන ලද රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.