Sunday, April 13, 2025

General line - 0115112241

පළාත් පාලන ඡන්දය ඩිජිටල් මැතිවරණ ක්‍රමයට අත්හදා බැලීමට අවදානය



මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

බත්තරමුල්ලේ පැවති පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවකදී එහි නියෝජිතයෙකු යොමු කළ ප්‍රශනයකට පිළිතුරු දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.