Sunday, April 13, 2025

General line - 0115112241

ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට



දෙහිවල, කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.

මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් කතරගම දක්වා රැගෙන ගිය සැකකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක් උණ්ඩ 125ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.