Sunday, March 16, 2025

General line - 0115112241

එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගයේ පරාජය ගැන චන්දිමාල් කතා කරයි



එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වීමට සිදු වූයේ බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වීම නිසා බව දිනේෂ් චන්දිමාල් පවසනවා.

පළමු ඉණිම තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 70ක පමණ ලබා ගැනීමට සමත් වූවානම් එංගලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට හැකිව තිබූ බවයි තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් චන්දිමාල් පැවසුවේ.


දෙවන ඉණිමේදී පන්දුවට පහර දෙමින් සිටියදී දිනේෂ් චන්දිමාල්ගේ ඇඟිල්ලෙහි පන්දුවක් වැදී ඇති වූ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ද දිනේෂ් චන්දිමාල් මෙහිදී අදහස් පල කළා.