Sunday, March 16, 2025

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 900 දක්වා ඉහළට - කොමිසමෙන් ජනතාවට දැනුම් දීමක්



ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 901ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.    

ඒ, පසුගිය ජූනි මස 31 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති පැමිණිලි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් දිස්ත්‍රික් පැමිණිලි කළමණාකාරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි බවද මැතිවරණ කොමිෂම වැඩිදුරටත් සඳහන් කළේ.

සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම මැතිවරණ පැමිණි භාර ගැනීම සඳහා කාර්යාලයක් ස්ථාපිත කර තිබෙන බැවින් ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි එම කාර්යාලයට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.