Sunday, April 13, 2025

General line - 0115112241

ඇෆ්ගන් කාන්තාවන්ට නව නීති මාලාවක්



තලේබාන් සංවිධානය විසින් කාන්තාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් නීති මගින් ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම මෙන්ම මුස්ලිම් නොවන ප්‍රජාව ඉදිරියේදී ශරීරය  සහ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය නොවන ඇඳුම් පැළඳ සිටීම කාන්තාවන්ට තහනම් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙටි හෝ තද ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසත් උපදෙස් මෙම නීතිවලට ඇතුළත් වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එමෙන්ම විවාහයෙන් හෝ ලේ සබඳතා මත ඥාතින් නොවන පිරිමි පුද්ගලයින් දෙස බැලීමත් කාන්තාවන්ට තහනම් වෙනවා.

2021 දී එක්සත් ජනපදය සන්නද්ධ හමුදා ඉවත් කර ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය නැවත රට තුළ බලයට පත් වූ අතර එම කාලයේ සිට මේ දක්වා කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීති පනවා තිබුනා.

මේ හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් දැඩි පීඩාවට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.