Friday, March 14, 2025

General line - 0115112241

ටෙලිග්‍රාම් නිර්මාතෘ ප්‍රංශයේදී අත්අඩංගුවට



ටෙලිග්‍රෑම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව්  අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ ටෙලිග්‍රෑම් යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුවයි 

පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 හැවිරිදි ඩුරොව් මෙලෙස ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාවේ උපත ලැබූවෙකු වන ඩුරෝව් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන අතර, ඔහුට ප්‍රංශයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද පුරවැසිභාවය හිමිවී තිබෙනවා 

අනෙක් ප්‍රධාන සමාජ මාධ්‍ය වලට පසුව ටෙලිග්‍රෑම් ලොව ප්‍රධානම සමාජ මාධ්‍ය යෙදවුම වන අතර එය වසරක් ඇතුළත බිලියනයකට ආසන්න පරිශීලකයින් වෙත ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත .

එය යුක්රේනයේ රුසියාවේ යුද්ධය පිළිබඳ තීරණාත්මක තොරතුරු මූලාශ්‍රයක් බවට පත්ව ඇති අතර ටෙලිග්‍රෑම් යෙදවුම රුසියාව, යුක්‍රේනය මෙන්ම පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය යෙදවුමක් වෙනවා.

එහෙත් එය සාපරාධී ක්‍රියාකාරකම් සඳහා ද යොදා ගත හැකි බවත් මෑතක දී සවුත්පෝට් පිහි ඇනුම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ කැරලි ඇවිලවූ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරීන් විසින් ද භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.