Sunday, March 16, 2025

General line - 0115112241

රුක්මන් සේනානායක මහතාගේ අවසන් කටයුතු අද 



අභාවප්‍රාප්ත වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රුක්මන් සේනානායක මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.

ඒ, පස්වරු 04ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

1973 වසfරේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ රුක්මන් සේනානායක මහතා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

මියයන විට රුක්මන් සේනානායක මහතා 76 වන වියේ පසු වුණා.